Join our WhatsApp group for any queries or assistance.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඉහත උපාධි පාඨමාලා සඳහා 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය පිළිබඳ අත්පොතෙහි දක්වා ඇති තොරතුරු අනුව ඉහත පාඨමාලා සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින් ඉහත යෝග්‍යතා පරීක්ෂණවලට මුහුණ දෙමින් ඉහළ ප්‍රවීණතාවයක් පෙන්නුම් කළ යුතුය. අයදුම් කළ හැක්කේ පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින්ට පමණි.
අයදුම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මාර්ගගත අයදුම්පත්‍රයට අමතරව ඉහත දක්වා ඇති යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම් කළ යුතු අතර විභාගය සඳහා පෙනී සිටිය යුතුය. මෙය අනිවාර්ය වේ.
සිනමා හා රූපවාහිනී අධ්‍යයනය ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය
(අ) අ.පො.ස. උසස් පෙළ - 2024 විභාගයෙහි ඕනෑම විෂයයන් තුනකට අවම වශයෙන් සාමාන්‍ය [S] සාමාර්ථයක් ලබා තිබීම.
(ආ) යෝග්‍යතා පරීක්ෂණය ප්‍රධාන කොටස් දෙකක් යටතේ පැවැත්වේ.
(1) ලිඛිත පරීක්ෂණය: ලිඛිත පරීක්ෂණයේ දී සිනමා හා රූපවාහිනී විෂය ක්ෂේත්රය පිළිබඳ + සාමාන්‍ය දැනුම + සිනමා හා රූපවාහිනී පරිචය + නිර්මාණාත්මක රචනය කෙරෙහි අවධානය යොමු කෙරේ [ලිඛිත පරික්ෂණ සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. Written examination will be conducted in Sinhala medium ONLY].
(2) වාචික පරීක්ෂණය: ලිඛිත පරීක්ෂණයේ දී ඉහල සාමාර්ථ හිමිකරගත් අයදුම්කරුවන් පමණක් වාචික පරීක්ෂණයට කැඳවනු ලැබේ. එහිදී සිනමා හා රූපවාහිනී ක්ෂේත්රය පිළිබඳ ඇති කැමැත්ත කෙරෙහි අවධානය යොමු කරමින් එම අයදුම්කරුවන්ගේ දක්ෂතා පරීක්ෂාවට භාජනය කෙරේ. වාචික පරික්ෂණය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් රු. 1,800/- ක් ශ්‍රී ලංකාවේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා මහජන බැංකුවේ කැලණිය ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 055-1001-40009867 දරන ගිණුමට බැර කළ යුතු වේ. එහි මෘදු පිටපත හෝ ස්කෑන් පිටපත තමන් සතුව තබා ගත යුතු අතර aptitudetest.kln.ac.lk හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළයුතු වේ.
අන්තර්ජාලය හරහා. අයදුම් කිරීමේදී, ක්‍රියාකාරී සහ ඔබගේම ඊ-මේල් ලිපිනයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. කුවිතාන්සිය පිරවිය යුතු ආකාරය පිළිබඳ නියැදියක් පහත දැක්වේ.
කරුණාකර CDM රිසිට්පතේ ඔබගේ නම, ජාතික හැඳුනුම්පත අංකය සහ අයදුම් කරන උපාධි පාඨමාලා විභාගය සඳහන් කළ යුතු ය.
ඉහත ගිණුම් අංකය සඳහා ඉහත ක්‍රම හරහා ද ගෙවීම් කළ හැකි ය.
බැංකු රිසිට්පත / CDM/ Online රිසිට් පත්‍රයේ සියලු විස්තර අප හට අපහසුවකින් තොරව කියවාගත හැකි වන අයුරින් Camera හෝ Scan පිටපතක් ඇමුණුමක් ලෙස මාර්ගගත අයදුම් පත්‍රයට අමුණන්න.
බැංකු රිසිට්පත / CDM/ Online රිසිට්පත විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති කවුන්ටරයට ඉදිරිපත් කළ යුතුය. ඔබ එසේ කිරීමට අසමත් වුවහොත්, ඔබට විභාගයට පෙනී සිටිය හැකි නමුත්, ප්‍රතිඵල නිකුත් නොකෙරේ. එබැවින් 1800/= ගෙවූ රිසිට්පත ප්‍රතිඵල නිකුත් කරන දින දක්වාම සුරක්ෂිතව තබා ගත යුතුය.
අයදුම්පත් භාර ගැනීම 2025 මැයි 16 වන දිනෙන් අවසන් වේ.